වන අලි රංචුවක් නිසා පීඩාවිඳින ගම්වාසීන්

හාලිඇල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ගලඋඩ උදේනිගම ආශ්‍රිත ප්‍රදේශයේ දින ගණනාවක සිට සැරිසරමින් වගාවන්ට හානි පමුණුවන වන අලි රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශවාසී ගොවි ජනතාව දැඩි භීතියට හා අසීරුතාවයට පත්ව සිටිනවා.

උදේනිගම, මැදකොලපතන, තලාකුඹුර, තැටිල්ල, වාසනාගම වැනි ප්‍රදේශ ආශ්‍රිත, උමාඔයට ආසන්න ගොවිබිම් වෙත දිනපතා පැමිණෙන මෙම වන අලි රංචුව අලි පැටවුන් කිහිප දෙනෙකු ඇතුළුව 20 පමණ දෙනෙකුගෙන් සමන්විත විශාල රංචුවක් බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ වගා බිම් අක්කර ගණනාවක් විනාශ කර ඇති බවයි ගොවීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් තමන් කළ දැනුම්දීම් අනුව වනජීවී නිලධාරීන් පැමිණියද අලින් පලවා හැරීමට නොහැකිවූ බවත් තමන් ඉල්ලා සිටියද අලිවෙඩි ලබාදීමක් හෝ සිදුනොවන බවත් ඔවුන් පවසනවා

තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් නිමකර අලින් ගම්වදින මාර්ග ඇසිරීම හෝ බත්මැඬිල්ල ප්‍රදේශයෙන් උමාඔය හරහා මෙම ප්‍රදේශයට වන අලින් පැමිණෙන මාර්ග අවහිර වන ලෙස අලිවැට සකස් කිරීම තුළින් මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි බව ප‍්‍රදේශවාසීන් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?