දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

ඊයේ (15) උදෑසන කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.

දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ හේතුවෙන් මෙලෙස අනතුර සිදුව තිබෙනවා

මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන ලා කහ පැහැති කමිසයකින් හා කොට කලිසමකින් සැරසී සිටි අයෙකි.මෘතශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.