වල් නාශක මිශ්‍රිත ජලය පානය කළ සිසුවියන් 06ක් රෝහලේ – එක් සිසුවියක් බෝතල්වලට මිශ්‍ර කරලා

කිසියම් විෂ ද්‍රව්‍යක් මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් 06 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

අදාළ සිසුවියන් ඊයේ (14) මෙලෙස රෝහල් ගතකර ඇති බවයි නාරම්මල පොලීසිය පැවසුවේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර, එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල් නාශක මිශ්‍ර කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස විෂ ද්‍රව්‍යය මිශ්‍ර කළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාරම්මල පොලීසියෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියා.

අදාළ පාසලේ ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
36
+1
52
+1
24
+1
38
+1
11
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13