පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු නරවැල්පිට, හක්මන ප්රදේශයේ දී අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 16 සහ 48 යන වයස්වල පසුවන අතර ඔවුන් හක්මන, නරවැල්පිට සහ යටිගල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.මේ අතර අරලගංවිල, නිදන්වල ප්රදේශයේ ද පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද (14) පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ
