හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් අද (13) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පවත්ව ඇත්තේ මාලඹේ, හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ අද (13) කුමාරි ඇල්ලේ දිය නෑමට පැමිණි අවස්ථාවේ දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලුණු මෙම පුද්ගලයා ගොඩගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
මෘත දේහය සම්බන්ධයෙන්වන මරණ පරීක්ෂණය හෙට (14) දින පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
1
+1
8
+1
2
+1



