ටයිටන්ස් පන්දු බලඇණිය ඉදිරියේ ජැෆ්නා රජවරුන් දණ නවයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් අතර පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ජැෆ්නා නායකයාගේ තීරණයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ගෝල් ටයිටස් පන්දු යවන්නන් ජැෆ්නා ඉනිම ලකුණු 89කට සීමා කළා.

පන්දු යැවීමේ දී ජැෆ්නා ඉනිම දරුණු තැනකට ඇද දැමූ කසුන් රාජිත ලකුණු 20කට මුල්පෙළ කඩුලු 04ක් බිඳ දැමුවා.

දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ෂම්සි සහ ලහිරු කුමාර ජැෆ්නා කඩුලු 02 බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ජැෆ්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 22ක් රැස්කළ අතර, නායක තිසර පෙරේරා ලකුණු 13ක් රැස් කළා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයින්ට පන්දු 120ක් තුළ ලකුණු 90ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30