විදුහල්පතිවරයෙකුට සහ ගුරුවරියකට පාසල තුළ දී ප්‍රහාරයක්

විදුහල්පතිවරයෙකුට සහ ගුරුවරියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය පවසනවා.

ඊයේ (11) දහවල් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමට ලක් වූ බව කියන විදුහල්පතිවරයා සහ ගුරුවරිය ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කුලියාපිටිය වයඹ විශ්වාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එම විද්‍යාලයේ ගුරුවරියක්.

එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ බාප්පා සහ ඔහුගේ බිරිඳ කිසියම් හේතුවකට විදුහල්පතිවරයා හමුවීමට ඊයේ පාසලට පැමිණ තිබෙනවා.

ඔවුන් විදුහල්පති කාමරයේ සාකච්ඡා කරමින් සිටින අතර, සිසුවියගේ බාප්පා විසින් විදුහල්පතිවරයාට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම ආරවුල බේරීමට මැදිහත් වූ පාසලේ ගුරුවරියකට ද එම පුද්ගලයා පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරිය කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ප්‍රතිකාර සඳහා රෝහල් ගතව තිබෙනවා.

සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර,කුලියාපිටිය පොලීසියට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36
Video thumbnail
කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්න - නලින්දගෙන් විපක්ෂයට සැර පිළිතුරක්
02:06
Video thumbnail
ITC එකෙන් ප්‍රභූවරයෙක් නිදහස් කරගත් ඇඟ හිරිවැටෙන ක්‍රියාන්විතය
04:23
Video thumbnail
"මම බෞද්ධයෙක්..බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා" වැරදිකරුවන්ට නිසි නීතිය ක්‍රියාත්මක වෙනවා
04:07
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37