දියණිය ලිංගික කටයුතුවලට විකිණූ මව රිමාන්ඩ්

වයස අවුරුදු 14ක් වන බාල වයස්කාර තම දියණිය ලිංගික අපයෝජනය සඳහා මුදලට අලෙවි කළ එම දැරියගේ මව සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අනෙක් දෙදෙනා වූයේ දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ලවූ දෙදෙනෙක්.

සැකකාර මව දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්. අනෙක් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය, උල්ලලපොළ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් සහ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි අයෙක්.

52 හැවිරිදි සැකකරු දෛනිකව කුලී වැඩ කරන අයකු බවත් 42 හැවිරිදි සැකකරු ටයර් කඩයක හිමිකරුවකු බවත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මීගමුව රෝහලේ සමාජ රෝග සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර සමාජ රෝග සම්බන්ධ වාර්තාවක් ලබාගෙන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර සිටින දැරිය පරිවාස වාර්තාව ලැබෙන තෙක් මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරන ලෙසටයි අධිකරණය දිවුලපිටිය පොලිසියට නියෝග කර ඇත්තේ.

වින්දිත දැරියගේ ප්‍රකාශ මත තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරියගේ පියා මියගොස් ඇති අතර සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයින්ව නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ය කර සිය දියණිය නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවන්වල පුද්ගලයින්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාර මව පැමිණෙන එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවලේ යෙදෙන බවට හෙළිවී තිබෙනවා.

දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සිදු කර වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා පොලිසියටනියෝග කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය ද එළඹෙන 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි පොලිසියට නියම කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01