AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික තරහකට පවුල් 4ක් වතුර බොන ළිඳට සර්පයෙක් මරා දාලා (ඡායාරූප)

මොණරාගල මැදගම ප්‍රදේශයේ පවුල් හතරක් පානයට ජලය ලබා ගන්නා ළිඳකට සර්පයෙක් මරා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ පෞද්ගලික අමනාපයක් හේතුවෙන් කිසියම් අයෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි.

ළිඳ තුලින් පැමිණි දුර්ගන්ධයක් හේතුවෙන් එහි ජලය හිස් කර බැලීමේ දී මියගිය සර්පයෙකු සහිත බෑගය හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහ මැදගම පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේ.

මෙවැනි ක්‍රියා මානුෂික සමාජයක කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
0
+1
3
+1
8
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?