සාර්ක් රටවල්වලට විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීමට අවධානය – විදෙස්ගත ලාංකිකයින්ට ඡන්දය දෙන්නත් ක්‍රමයක්

ඉන්දියාව, බන්ගලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පවතින විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින වැනි සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීම වැදගත් වන බවයි.

මේ නිසා සහනදායී ආකාරයට මෙම රටවල් වෙනුවෙන් වීසා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුව ලෙස යෝජනා කරන බව හෙතෙම සඳහන් කර තිබෙනවා.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ විවිධ වැඩසටහන් වෙනුවෙන් සකස්වූ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයට යෝජනා කළේ.

මේ අනුව සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය විය යුතු බවත් ඒ සඳහා විදේශිකයන්ටද සම්බන්ධවීමේ හැකියාව පැවතිය යුතු බව කමිටුව පෙන්වා දී තිබෙනවා.

මෙහිදී චක්‍රලේඛයකට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

එහෙත් වඩා විධිමත් ආකාරයෙන් විවෘත වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන සකස් විය යුතු බව නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය ලබාදෙන ඹ්නෑම නිර්දේශයක් අනුව අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි.

එසේම මාර්ගගත (on-line registration) තාක්ෂණය ඔස්සේ ඡන්දය ලබාදීමට ලියාපදිංචිවීමේ ක්‍රමවේදයක් ද මේ වන විට සකස් කර ඇති අතර ඒ ඔස්සේ විදෙස් ගත ලාංකිකයන්ටද ඡන්දය ලබාදීම පිණිස ලියාපදිංචි වීමේ හැකියාව ඇති බව ඔවුන් සඳහන් කළා.

මේ අනුව කථානායකවරයා සමගද සාකච්ඡා කර මේ වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිළිඳවද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26