සාර්ක් රටවල්වලට විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීමට අවධානය – විදෙස්ගත ලාංකිකයින්ට ඡන්දය දෙන්නත් ක්‍රමයක්

ඉන්දියාව, බන්ගලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පවතින විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින වැනි සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීම වැදගත් වන බවයි.

මේ නිසා සහනදායී ආකාරයට මෙම රටවල් වෙනුවෙන් වීසා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුව ලෙස යෝජනා කරන බව හෙතෙම සඳහන් කර තිබෙනවා.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ විවිධ වැඩසටහන් වෙනුවෙන් සකස්වූ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයට යෝජනා කළේ.

මේ අනුව සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය විය යුතු බවත් ඒ සඳහා විදේශිකයන්ටද සම්බන්ධවීමේ හැකියාව පැවතිය යුතු බව කමිටුව පෙන්වා දී තිබෙනවා.

මෙහිදී චක්‍රලේඛයකට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

එහෙත් වඩා විධිමත් ආකාරයෙන් විවෘත වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන සකස් විය යුතු බව නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය ලබාදෙන ඹ්නෑම නිර්දේශයක් අනුව අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි.

එසේම මාර්ගගත (on-line registration) තාක්ෂණය ඔස්සේ ඡන්දය ලබාදීමට ලියාපදිංචිවීමේ ක්‍රමවේදයක් ද මේ වන විට සකස් කර ඇති අතර ඒ ඔස්සේ විදෙස් ගත ලාංකිකයන්ටද ඡන්දය ලබාදීම පිණිස ලියාපදිංචි වීමේ හැකියාව ඇති බව ඔවුන් සඳහන් කළා.

මේ අනුව කථානායකවරයා සමගද සාකච්ඡා කර මේ වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිළිඳවද මෙහිදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19