සමනල වැවෙන්, උඩවලවට ජලය මුදාහැරීම ගැන යෝජනාව කැබිනට්ටුවට

සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදාහැරීම සම්බන්ධ යෝජනාව හෙට (07) යළි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපතිවරයා සමඟ ඊයේ දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට අඩු මට්ටමකට බැස ඇති බවයි වාර්තා වන්නේ.

උඩවලව ජලාශයෙන් ගොවිතැන් කළ කුඹුරු අක්කර 65,000ක් පමණ ජලය නොමැතිවීම හේතුවෙන් විනාශ මුඛයක යමින් පවතින බවයි ගොවින් පවසන්නේ.

සිය වගාවන්ට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර, 14 වන දිනටත් අද දිනයේ දී එය ක්‍රියාත්මකයි.

මේ අතර සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය මුදාහැරීම පිළිබඳව ඉකුත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණා.

එලෙස සමනල වැවෙන් ගොවිබිම්වලට ජලය ලබා දුන්නොත් දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනට දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් සිදු කීරීමට සිදුවන බවයි විදුලි බල ඇමති කංචන විජේසේකර පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52