AFC Banner
Empty Ad
Empty Ad

කැබ් රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල (වීඩියෝ)

පානදුර නල්ලූරුව ප්‍රදේශයේ දී කැබ් රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදි සේවා ස්ථානයකට කඩාවැදීමෙන් ඊයේ රාත්‍රී අනතුරක් සිදුවී තිබෙනවා.

එම කැබ් රථය අසල තිබූ විදුලි කණුවක ද ගැටී ඇති අතර එමගින් විදුලි පද්ධතියට ද දැඩි හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවන ආකාරය කැබ් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම කැබ් රථය කළුතර සිට පානදුර දෙසට ගමන් කරමින් තිබියදීයි අනතුර සිදුවී ඇත්තේ.

ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක් පසුකර යාමත් සමඟ කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පස තිබූ ආරක්ෂිත වැටේ ගැටී කැබ් රථය ඉදිරියට ඇදී ගොස් තිබුණා.

ඒ සමගම යතුරුපැදි සේවා ස්ථානයක් තුළට කැබ් රථය කඩා වැදී ඇති අතර එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම අනතුරෙන් විදුලි කණුවට මෙන්ම විදුලි රැහැන්වලට දැඩි හානි සිදුව තිබෙනවා.

කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි පානදුර පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?