කැබ් රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල (වීඩියෝ)

පානදුර නල්ලූරුව ප්‍රදේශයේ දී කැබ් රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදි සේවා ස්ථානයකට කඩාවැදීමෙන් ඊයේ රාත්‍රී අනතුරක් සිදුවී තිබෙනවා.

එම කැබ් රථය අසල තිබූ විදුලි කණුවක ද ගැටී ඇති අතර එමගින් විදුලි පද්ධතියට ද දැඩි හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවන ආකාරය කැබ් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම කැබ් රථය කළුතර සිට පානදුර දෙසට ගමන් කරමින් තිබියදීයි අනතුර සිදුවී ඇත්තේ.

ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක් පසුකර යාමත් සමඟ කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පස තිබූ ආරක්ෂිත වැටේ ගැටී කැබ් රථය ඉදිරියට ඇදී ගොස් තිබුණා.

ඒ සමගම යතුරුපැදි සේවා ස්ථානයක් තුළට කැබ් රථය කඩා වැදී ඇති අතර එහි සිටි දෙදෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම අනතුරෙන් විදුලි කණුවට මෙන්ම විදුලි රැහැන්වලට දැඩි හානි සිදුව තිබෙනවා.

කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි පානදුර පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32