විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන විභාග සහතික පත්‍ර ලබන 7 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ තවත් ඉදිරි පියවරක් තබමින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියාසිටියේ.

2001 වසර සහ ඉන් පසු පැවති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වනවා.

මෙමගින් සහතිකයේ දෘඩ පිටවතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබන අතර අයදුම්කරු විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ.

විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම ලැබුණු අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කිරීම ද සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06