spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරනු ලබන විභාග සහතික පත්‍ර ලබන 7 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ තවත් ඉදිරි පියවරක් තබමින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියාසිටියේ.

2001 වසර සහ ඉන් පසු පැවති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමවේදය අදාළ වනවා.

මෙමගින් සහතිකයේ දෘඩ පිටවතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලබන අතර අයදුම්කරු විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණීම අවශ්‍ය වන්නේ නැහැ.

විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ ඉල්ලීම ලැබුණු අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කිරීම ද සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?