කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ දේහය දිවයිනට

ඉන්දුනීසියාවේ දී මියගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළ සිරුර මාස 08කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා පසුගිය ජනවාරි මස 17 වනදා තමාගේ අවුරුදු 04 ක් වයසැති දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටියදීයි මියගොස් තිබුණේ.

මෙම ව්‍යාපාරිකයා සංචාරයේ නිරත වූ දින සිට සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදු කර තිබෙනවා.

එහෙත් ජනවාරි 31 වනදා සිට දුරකථන ඇමතුම් නොලැබීම හේතුවෙන් ඇය තම සහෝදරයා නතර වී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳව සොයා බලන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින් ඔවුන් නතරවී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගෙන තිබුණා.

එම මළ සිරුව මාස 08ක පමණ කාළයකට පසුව පෙරේදා (01) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

මළ සිරුර මේ වන විට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01