AFC Banner
Empty Ad
Empty Ad

ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 16ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ෂහාපූර් ප්‍රදේශයේදී ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටීමෙන් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සමෘද්ධි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් පිරිසක් මතට මෙම දොඹකරය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කම්කරුවන් තිදෙනෙකු රෝහල් ගතකර ඇති අතර, ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

කඩාවැටුණු දොඹකරයේ සුන්බුන්වලට යටව තවත් පුද්ගලයින් පස්දෙනෙකු පමණ සිර වී සිටින බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

පොලිසිය පවසන්නේ අද අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කළකර ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 02ක වන්දියක් ලබාදීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?