ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටී ඉන්දියාවේ කම්කරුවන් 16ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ෂහාපූර් ප්‍රදේශයේදී ඉදිකිරීම් ස්ථානයක දොඹකරයක් කඩා වැටීමෙන් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සමෘද්ධි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් පිරිසක් මතට මෙම දොඹකරය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කම්කරුවන් තිදෙනෙකු රෝහල් ගතකර ඇති අතර, ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

කඩාවැටුණු දොඹකරයේ සුන්බුන්වලට යටව තවත් පුද්ගලයින් පස්දෙනෙකු පමණ සිර වී සිටින බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

පොලිසිය පවසන්නේ අද අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කළකර ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 02ක වන්දියක් ලබාදීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25