ඩිෆෙන්ඩරයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රී කිරිඇල්ල ඉඩම්ගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පානදුර දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරා මෝටර් රථයේ ගමන් කළ රියදුරා ඔහුගේ බිරිඳ මෙන්ම අවුරුදු 3ක කුඩා දරුවා සහ යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා කිරිඇල්ල රෝහලට ඇතුලත් කෙරුණා.

තුවාලකරුවන් රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.

මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරට අදාළව ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් භාරයේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය යතුරුපැදිකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

කිරිඇල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14