ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියට සමුදෙයි

වසර 17ක කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

37 හැවිරිදි වේග පන්දු යවන්නා ටෙස්ට් තරග 167කට, එක්දින ජාත්‍යන්තර තරග 121කට සහ T20 ජාත්‍යන්තර තරග 56කට ක්‍රීඩා කර කඩුලු 845ක් දවාගෙන ඇති බවයි ක්‍රිකට් වාර්තාවල සඳහන් වන්නේ.

2007 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි බ්‍රෝඩ්, මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨතම වේගපන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙසටයි සැළකෙන්නේ.

ඔහු හොඳම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ මේ වන විට පසු වනවා.

බ්‍රෝඩ් තම රට වෙනුවෙන් ටෙස්ට් කඩුලු 600 පසුකළ වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකු වන අතර මේ සතියේ ඕවල් හිදී ඔහුගේ අවසන් තරඟයේදී ඔහුගේ 150 වැනි අළු බඳුන කඩුල්ල ද දවා ගනු ලැබුවා.

2015 අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී ලකුණු 15කට කඩුලු 8ක් ලබා ගැනීම ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම වේග පන්දු යැවීමෙන් එකක් ලෙස මතකයේ රැඳෙනු ඇති.

වේග පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ 2010 වසරේ T20 ලෝක කුසලානය සහ අළු බඳුන තරගාවලි හතරක් ජයග්‍රහණය කිරීම ඇතුළුව ඔහුගේ නමට ගෞරව රැසක් ද එක් කර ගනිමින්.

බ්‍රෝඩ් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් 2016 උපන්දින ගෞරව ලැයිස්තුවේ Order of the British Empire (MBE) සාමාජිකයෙකු ලෙසට ද පත් කරනු ලැබුවා.

එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගුල්ඩ් පැවසුවේ “ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තයේ සර්වකාලීන විශිෂ්ටයන්ගෙන් කෙනෙක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38