AFC Banner
Empty Ad
Empty Ad

දෙදින නිල සංචාරයකට ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට (ඡායාරූප)

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 196 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජපාන තානාපති ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06ක නිල සංචාරයකින් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, මෙම පිරිස අද (29) රාත්‍රියේ ආපසු පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?