පුරන් කුඹුරු අස්වද්දන්න අක්කරයට රුපියල් 36,000ක් – අක්කර 11,000ක් වගා කිරීමේ සැලැස්මක්

2023 වර්ෂය තුළ මෙරට පුරන් කුඹුරු අක්කර 11,000ක් වගා කිරීමට ඉලක්කය වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එම ඉලක්කයෙන් අවම වශයෙන් අක්කර 6,051ක් මෙම වසර තුළ දී වගා කිරීමට හැකි වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර පළාත තුළ අක්කර 1075ක්, මධ්‍යම පළාතේ අක්කර 682ක්, දකුණු පළාතේ අක්කර 1700ක්, උතුරු පළාතේ අක්කර 788ක්, වයඹ පළාතේ අක්කර 388ක්, ඌව පළාතේ අක්කර 11ක් සහ සබරගමුව පළාත තුළ අක්කර 1403ක් වශයෙන් වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.

මේ වනවිට රටපුරා පුරන් කුඹුරු අක්කර 40,000කට වැඩි ප්‍රමාණයක් පවතින අතර, ඉන් අක්කර 25,192ක් වී වගාව සඳහා යොදාගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම අක්කර 14,124ක් කෙටිකාලීන භෝගයන් සඳහාත් උචිත මට්ටමක පවතින බවයි කෘෂිකාර්ම අංශ සඳහන් කළේ.

මෙම වසර තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩ පිළිවෙළ යටතේ වගා කෙරෙන අක්කරයක් සඳහා මුලික බිම් සකසා ගැනීමට රුපියල් 36,000ක මුල්‍ය සහනාධාරයක් ගොවීන්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රජයෙන් කළ ඉල්ලීමක් පරිදි 2023 පුරන් කුඹුරු වගා කිරීමේ වැඩ පිළිවෙළ යටතේ රුපියල් මිලියන 430ක මුදලක් ලබා දී තිබෙනවා.

පුරන් කුඹුරු වගා කිරීම යටතේ ඉදිරි කාලය තුළ සියලුම දිස්ත්‍රික්කවල ඇති පුරන් කුඹුරු වගා කිරීම සඳහා නෛතික වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම වගා නොකරන ඉඩම් රජයට පවරාගෙන වගා කිරීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරාදීම සම්බන්ධව ද මේ වනවිට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34