මාර්ගයට එන වන අලින්ට කෑම දෙන අයට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශවලට මායිම්ව ඇති ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ වෘක්ෂලතා හා වනසත්ව ආරක්ෂණ ආඥාපනතේ විධිවිධානවලට අනුව මහ මගදී වන අලින්ට ආහාර ලබාදීම වරදක් ලෙස සලකන බවයි.

ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබා දීමට ජනතාව කටයුතු කිරීම හේතුවෙන් එම සතුන් ආහාර සොයා යළි මාර්ගවලට පැමිණීම පුරුද්දක් කර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් වන අලි ආහාර සොයා ප්‍රධාන මාර්ගවල වාහනවලට බාධා කිරීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශවලට මායිම්ව ඇති ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අනවසර විදුලි වැටවල් හේතුවෙන් 2023 වසරේ මුල් මාස හත තුළ වන අලි ඇතුන් 36 දෙනෙකු මිය ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා.

වන අලි ගම් වැදීම වැළක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විද්‍යාත්මක හා තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූලව විදුලි වැටවල් යොදා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයින් තම ගොවිබිම් සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි පිරිවිතරයන්ට අනුකූල නොවී විදුලි වැටවල් දැමීම හේතුවෙන් වන අලි කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

ඔහු සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අවසරය ලැබෙන්නේ නම් පමණක් විදුලි වැටවල් දැමිය හැකි බවයි.

එවැනි අවසරයකින් තොරව වැටවල් තනන්නන්ට සහ වන සතුන්ගේ නිදහසේ ගමනා ගමනයට සීමා කිරීමට කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14