රජයේ රෝහල්වල සීටි ස්කෑන් 10ක් ලෙඩ වෙයි

රජයේ රෝහල්වල ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර 10ක් අකර්මණ්‍ය වීම නිසා රෝගී සත්කාර සේවාවන් තරමක් අඩාළ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (26) ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ යන්ත්‍රය අකර්මණ්‍ය වී වසරක පමණ කාලයක් ගත වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය, බදුල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, කරාපිටිය, හොරණ, කළුතර, කොළඹ ජාතික දන්තායතනය, රත්නපුර, පේරාදෙණිය සිරිමාවෝ ළමා රෝහල යනාදී රෝහල්වල සී.ටී. ස්කෑන් යන්ත්‍ර අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු පැවසීය. රට පුරා සී.ටී. ස්කෑන් යන්ත්‍ර 44ක් තිබෙන අතර ඉන් 10ක් අකර්මණ්‍ය වීමත් සමඟ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනුයේ යන්ත්‍ර 33ක් බවත් යන්ත්‍ර 10ක් අකර්මණ්‍ය වී ඇති බව ඔහු පැවසීය.

ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය හඳුනා ගැනීම, මොළය හා හිස්කබල ආශ්‍රිතව ඇති රෝග හඳුනා ගැනීම, පෙණහලු හා වකුගඩු ආශ්‍රිත රෝග හඳුනා ගැනීම, රුධිර නාලවල අවහිරතා හඳුනා ගැනීම, අක්ෂි පිපුරුම්වල ත්‍රිමාණ හා ද්විමාන රූප ලබා ගැනීම, ආඝාතය රෝගීන්ට පැය 4ක් තුළ ප්‍රතිකාර ලබා දීම සදහා පරීක්ෂණ සී.ටී. යන්ත්‍ර මඟින් සිදු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?