ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ දී ශකීල් ඉතිහාස ගතවෙයි

පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග 07 තුළ අර්ධ ශතක රැස්කළ ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත්වීමට පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල්ට අද හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශකීල් රැස්කළ අර්ධ ශතකයත් සමඟ ඔහුගේ නම මෙම වාර්තා ඉදිරියේ ලියවුණා.

මීට පෙර, ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව්හි බැසිල් බුචර් සහ නවසීලන්තයේ බර්ට් සට්ක්ලිෆ් ඔවුන්ගේ පළමු ජාත්‍යනතර ටෙස්ට් තරග 06 තුළ අර්ධ ශතක රැස්කරගෙන තිබුණා.

ගාල්ලේ දී පාකිස්තානය කඩුලු 04කින් ජයග්‍රහණය කළ පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා සම්මානය ද ශකීල් දිනාගත්තේ ඔහු පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 208ක් රැස් කර ගැනීමත් සමඟයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සවුද් ශකීල් ලකුණු 57ක් රැස්කරගෙන සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23