AFC Banner
Empty Ad
Empty Ad

රාජාංගණය ඕ.අයි.සීට මරණ තර්ජන කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අධිකරණයට

රාජාංගණය ප්‍රදේශයේ පැවති සැණකෙළියක් සම්බන්ධ සිද්ධියකට, රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කළ බව කියන ප්‍රකට ව්‍යාපාරිකයා අද (26) නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

රාජාංගනය පොලිසියෙන් අප කළ විමසීමක් දී මේ බව සඳහන් කර සිටියා.

ආදාළ සැණකෙළිය තවත් දින කිහිපයක් පැවැත්වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් ස්ථානාධිපතිවරයාට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 23 වනදා රාත්‍රියේ අදාළ ව්‍යාපාරිකයා විසින් මෙම තර්ජනය කිරීම සිදුකර ඇති අතර, රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව සඳහන්.

මෙම සැණකෙළියට පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ලවීම හේතුවෙන් එය තවදුරටත් පැවැත්වීමට මෙලෙස පොලිසිය අවසර ලබාදී නැහැ.

මේ අතර ඉදිරි දින 07ක කාලය තුළ පැවැත්වීමට තිබූ මෙම සැණකෙළිය අවලංගු කළ බව අදාළ ව්‍යාපාරිකයා සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඊයේ (25) පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
15
+1
2
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?