දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියයයි

බෙලිඅත්ත සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව මොරටුව පොලීසිය (25 ) පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ල ජුබිලි පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුතුතන්ත්‍රිගේ සුරේකා නිරෝෂනී ප්‍රනාන්දු නමැති දෙදරු මවකි.

ඇයට වයස අවුරුදු 3ක සහ 6ක දරුවන් දෙදෙනෙකු කාන්තාක් වන අතර ඉකුත් මාර්තු මස 21 වැනිදා ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකු විසින් කඩුවකින් තවත් පුද්ගලයෙකු ගේ දෙඅත් මැණික් කටුව ආසන්න ප්‍රදේශයෙන් වෙන්වන ලෙස කපා දමා තිබූ අතර එලෙස තුවාල ලැබූ අයගේ බිරිඳ මෙලෙස දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මොරටුව පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
14
+1
8
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?