වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

අද (25) දිනයේ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අද උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට එම වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇතුළුවීම තහනම් වනවා.

එමෙන්ම CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වට රවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ද යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මූලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත, වෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වට රවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ද ඇතුළවීමෙන් වළකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.

අදාළ නියෝග නිකුත් කර ඇති අයගේ නම් ලැයිස්තුව පහතින්.

01 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?