විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අය කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණා.

කෙසේ වෙතත් අදාළ බදු අය කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළා.

ඒ, අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 31 දාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කර සිටියා.

පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 22 වනදා සිදුකරන බව තීන්දු කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17