කළුතර අපරාධ දිසා මගින් සිදුකළ වැටලීමකදී ජෙලට්නයිට් කූරු ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයාගනී

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කළුතර අපරාධ දිසාව මගින් අද දහවල් බණ්ඩාරගම ගුන්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් ළඟ තබාගත් ජෙලට් නයිට් කූරු 23 සේවා නූල් දාහතරක් ඇමෝනියා කිලෝ අටහමාරක් , වෙඩිබෙහෙත් ග්‍රෑම් 450 explosive cap 45 ක් පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම පුපුරන ද්‍රව්‍ය බණ්ඩාරගම ගුන්ගම පවත්වාගෙන යන කළු ගල් වැඩපලක නීතිවිරෝධී අයුරින් සඟවා තිබියදී පොලිසිය විසින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ද පොලිස් බාරයට ගෙන ඇත.කළුතර අපරාධ දිසාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?