සූර්යාගේ උපන්දිනය සමරන්න ගිය තරුණ රසිකයින් දෙදෙනෙක් අකාලයේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන සූර්යාගේ උපන්දිනය ඊයේ (23) දිනට දී තිබුණා.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සූර්යාගේ රුව සහිත බැනරයක් සවි කිරීමට ගිය රසිකයින් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගිය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පල්නාඩු දිස්ත්‍රික්කයේ මොපුලවාරිපාලම් ගම්මානයේ ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ යකඩ පොල්ලක් ආධාරයෙන් බැනරය සවි කිරීමට යාමේ දී ඉහළින් තිබූ විදුලි රැහැනක එය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති තරුණයින් දෙදෙනා පෞද්ගලික උපාධි විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙක් බවයි පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සිදු වූ ස්ථානයේදීම මෙම තරුණයි දෙදෙනාම මියගොස් ඇති අතර, මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට යවා තිබෙනවා.

මේ අතර සූර්යා විසින් රංගනයෙන් දායකවන ‘Kanguva’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ද ඊයේ (23) දිනයේ දී නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23