උපන්දින සාදයක් පැවති නිවසකට ගිනි තබයි – තරුණියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අද (23) අලුයම අදාළ නිවසට කඩා වැදුණු කණ්ඩායමක් නිවසේ පිරිසට තියුණු ආයුධවලින් පහරදී නිවැසියන් නිවස තුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තබා ඇති බවයි.

සිද්ධියෙන් 22 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ අවුරුදු 02ක කුඩා පිරිමි දරුවා ද තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, අවුරුදු 07 සහ 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙක් සහ වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබුණා.

පසුව වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය, වවුනියාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපත්වා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කරමින් සිටි අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

මියගිය කාන්තාවගේ දරුවාගේ උපන්දින සාදය පැවැත්වෙමින් තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

7 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07