Update – අකුරැස්සේ ගරාජයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරින් මිය ගිය ගණන ඉහළට (ඡායාරූප)

අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලන් තිදෙනාගෙන් අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවූ ගරාජයේ සේවය කළ අයෙක්.

ඒ, අනුව මෙම අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (22) පෙරවරුවේ අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේ පිහිටි ගරාජයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

මෙහිදී අනතුර සිදුවූ ස්ථානයේ දීම එක් අයෙක් මියගිය අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගතකරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ගරාජයෙන් සේවාවක් ලබාගැනීමට පැමිණි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පුද්ගලයෙක් සහ 28 හැවිරිදි වියේ පසු වූ එම ගරාජයේ සේවකයෙක්.

තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01