අඟුරුවාතොට මවගේ සහ දැරියගේ මරණවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අඟුරුවාතොට ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස 11ක් වයසැති දියණියගේ මරණවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වරකාගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අදාළ කාන්තාව සහ දියණිය අතුරුදන් වූ පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් සී.සී.ටී.වී දර්ශනව උපයෝගී කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

දින දෙකක පමණ සිට අතුරුදන්ව සිටි 24 හැවිරිදි කාන්තාවගේ සහ ඇයගේ මාස 11ක් වයසැති සිඟිති දියණියගේ මළ සිරුරු ඇය පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (21) සොයාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01