කොහු ගබඩාවක් අළු කළ ගින්න (ඡායාරූප)

වවුනියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පොල් කොහු ගබඩාවක ඊයේ (21) සවස ඇති වූ ගින්නකින් එම ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ගින්නෙන් එම ගබඩාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සියල්ල ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය, ඉරට්ටපෙරියකුලම යුද හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් එක්ව කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න කර්මාන්ත ශාලාව අසළ ඉඩම්වලටද පැතිර ගොස් තිබූ අතර එය මැඩ පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13