තැපෑල නව්‍යකරණය සඳහා නව පනතක් 2023 අවසන් වීමට පෙර

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කර සිටියා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලබන පරිසරයක් තැපෑල තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩුකර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව ද සඳහන් කළා.

දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

“මේ රටේ තිබෙන පැරැණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ දැනටත් පවතින්නේ රැජිනගේ කාලයේ ගෙනා ආඥා පනතක්. එය තවමත් සංශෝධනය වී තිබෙන්නේ එක් වරක් පමණයි. එය තැලෑප නව්‍යකරණයට විශාල බාධාවක්ව පවතිනවා. එය වෙනස් කිරීම මඟින් අදායම් වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. තැපෑලේ සමස්ත සේවකයන් 27,000ක් පමණ සිටින අතර, තැපෑල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3342, නියෝජ්‍ය තැපැල් කාර්යාල 140කින් සමන්විතයි. මෙපමණ ජාලගත තැපෑලක් අපට තිබුණත් ගිය වසරේ අලාභය රුපියල් මිලියන 7000ක් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යාංශය මට භාරදුන් පසු මෙම තැපෑල ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගෙන යන වැඩපිළවෙළ නිසා මේ වසරේ තැපෑලේ අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම තත්ත්වය, 2024 වසර වන විට ආදායම වියදම අතර පරතරය සමපාත කිරීමට සැලසුම් කර තිබෙනවා. 2025දී තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තැපෑලක් බිහි කිරීම අපේ අරමුණයි.

තැපෑල ඩිජිටල්කරණයෙන් නව අදායම් උත්පාදන මාර්ග ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. දැනට මුද්දර අලෙවියෙන් රුපියල් මිලියන 4000ක් උපයන අතර, තැපැල් මුද්‍රා තැබීමෙන් රුපියල් මිලියන 668ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ලිපි හා භාණ්ඩ හුවමාරුවෙන් රුපියල් මිලියන 131ක් හා කෑෂ් ඔන් ඩිලිවරි සේවාව මඟින් රුපියල් මිලියන 200ක අදායමක් උපයා ගැනීමට තැපෑල සමත්ව තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය තවත් ප්‍රචලිත කරමින් අදායම් තත්ත්වය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. විදේශ ගමන් බලපත්‍රය, විභාග ලේඛන, ඉඩම්, උප්පැන්න හා මරණ සහතික මෙන්ම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදාහැරීමෙ ක්‍රියාවලියට අනුගතවීමට තැපෑල් දෙපාර්තමේන්තුව සූදානම් කිරීමට සැලසුම් කර තිබෙනවා. ස්මාර්ට් තැපෑල නිර්මාණය කිරීමේදී දිගු කාලයක් පවතින සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සේවාවට යොදවා තිබූ පාපැදිය වෙනුවට ත්‍රීරෝද රථ 1000ක් දිවයින පුරා යෙදවීමටත් සැලසුම් කර තිබෙනවා.ඒ වගේම නිල ඇඳුම් ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියලු දේ සැලසුම් කර ශක්තිමත් තැපෑලක් නිර්මාණය කිරීම අපේ සැලසුමයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43