AFC Banner
Empty Ad
Empty Ad

මංගල තරගයේදීම වාර්තා පොත් අතරට ගිය ඉන්දීය වමත් කසකරුවා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඩොමිනිකා හි පැවති මෙම ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 141කින්.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.

තරගයේ වීරයා බවට පත්වීමට මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් යසස්වි ජයිස්වාල්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව තවමත් 21 වන වියේ පසුවන මෙම වමත් ප්‍රහාරකයා ක්‍රිකට් ඉතිහාසයට එක්වුණේ මංගල තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමිකරගත් 08 වන ඉන්දීය ක්‍රීඩකයා ලෙසටයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන මෙම යොවුන් ක්‍රීඩකයා කොදෙව්වන් සමඟ පැවති පළමු ටෙස්ට් තරගය තුළ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 171ක් රැස්‌ කළේ පන්දු 387කට මුහුණ දෙමින්.

ඒ, අනුව යසස්වි ජයිස්වාල් තවත් වාර්තාවක් පිහිටවනු ලැබුවේ මංගල ටෙස්ට් තරයේ දී ලකුණු 150 සීමාව පසුකළ තුන්වන ඉන්දීය පිතිකරුවා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
6
+1
4
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?