මංගල තරගයේදීම වාර්තා පොත් අතරට ගිය ඉන්දීය වමත් කසකරුවා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඩොමිනිකා හි පැවති මෙම ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 141කින්.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.

තරගයේ වීරයා බවට පත්වීමට මෙම තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් යසස්වි ජයිස්වාල්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව තවමත් 21 වන වියේ පසුවන මෙම වමත් ප්‍රහාරකයා ක්‍රිකට් ඉතිහාසයට එක්වුණේ මංගල තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමිකරගත් 08 වන ඉන්දීය ක්‍රීඩකයා ලෙසටයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන මෙම යොවුන් ක්‍රීඩකයා කොදෙව්වන් සමඟ පැවති පළමු ටෙස්ට් තරගය තුළ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 171ක් රැස්‌ කළේ පන්දු 387කට මුහුණ දෙමින්.

ඒ, අනුව යසස්වි ජයිස්වාල් තවත් වාර්තාවක් පිහිටවනු ලැබුවේ මංගල ටෙස්ට් තරයේ දී ලකුණු 150 සීමාව පසුකළ තුන්වන ඉන්දීය පිතිකරුවා බවට පත්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39