ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05න් බදු ගෙවන්නේ 31,000ක් පමණයි

මෙර මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොණු ලක්ෂ 05ක් පැවතියද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී තිබුණ ද එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බවයි පහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමේදී සැපිරිය යුතු කරුණු වන රටේ උද්ධමනය, ‍රටේ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම පිළිබඳ දෙවන සමාලෝචනය කිරීම් සිදු කරන දෙසැම්බර් මාසය වන විට ප්‍රශස්ත තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් වන බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන සමග සිය කමිටුව නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයතු කරන බවද සභාපතිවරයා සඳහන් කළා.

ඔහු මෙම කරුණු අනාවරණ කළේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

උක්ත බදු අදායම් ඒකරාශී කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ සභාපතිවරයා මෙම බදු ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් කාරක සභාව ලෙස ඒ සම්බන්ධව සාධනීය මැහත්වීම් සිදුකරමින් පවතින බවද සඳහන් කර තිබෙනවා.

මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් බිලියන 904ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා. බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමටත්, බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීම පිළිබඳවත් අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සිදු කරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. එයට අමතරව දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහාද සිය සහය උපරිමයෙන් ලබා දෙන බවයි මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි. 2023 වසර සඳහා රජය විසින් ලබා දී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.6ක මුදල මුල් මාස 6 තුළ 40%ක් ලෙස සහ ඉතිරි මාස 6තුළ 60%ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිත වූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වන විට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවයි ඔහු පැවසුවේ.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි‍. මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ලබා දෙන දත්ත සත්‍ය ඒවා නොවීම හේතුවෙන් බදු අය කරගැනීමේදී ගැටළු වලට මුහුණ පෑමට සිදු වන බව මෙහිදි සාමාජික මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීන්ද පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොණු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07