පාස්කු නඩුවේ විත්තිකරුවන්ට චෝදනා පත්‍ර කියවාදීම කල්දැමේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ චෝදනා පත්‍ර වැඩිදුර කියවාදීම කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) නියෝග කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් පත් කර තිබුණේ නැහැ.

බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන් තිදෙනා වෙනත් නඩු විභාගයක් සඳහා මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ, අනුව වැඩිදුර චෝදනා පත්‍ර කියවාදීම අගෝස්තු මස 07, 09, 10 සහ 11 යන දිනයන්වලට කල් දමන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නා.

එමෙන්ම මෙම නඩුවේ නඩු භාණ්ඩ වශයෙන් නම්කර තිබෙන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මඩකලපුව මහාධිකරණයේ නඩු විභාගයක් සඳහා අවශ්‍යව තිබෙන බවත්, පැමිණිල්ල විසින් දැනුම්දීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක අවශ්‍ය අවස්ථාවල අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර සිටියා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?