මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ දේවාලයක කපුවෙකු සහ සහායක කාන්තාවක් අත්අඩංගුවට

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නාවලපිටිය නගරයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේවාලයේ කපුමහතා සහ ආවතේව කටයුතු සිදුකළ කාන්තාවක ලෙසයි ඔවුන් එහි රැදී සිට ඇත්තේ.

උපාය දූතයෙකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාර කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 140 ක් ද සොයා ගෙන ඇති අතර, ඊෂි කෑෂ් ක්‍රමය හරහා ඉතා සූක්ෂම ලෙස ඔවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව ද මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?