හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

මෙරටදී පළමුවරට හමුවූ හඳුනානොගත් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ,ලබන 10 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙසට මොරටුව පොලිසිය කළ ඉල්ලීම සලකා බලමිනුයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා අද මෙම නියෝගය ලබාදුන්නේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැටලීම සිදු කර තිබූ අතර එහිදී හඳුනා නොගත් 4MMC මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක් සහ කුශ් ග්‍රෑම් 14 සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මොරටුව පොලිසියට භාරදී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අඟුලාන සමන්පුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ දෙහිවල බෙල්ලන්තර පදිංචි 30 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගැනීමේදී කුෂ් ග්‍රෑම් 13ක් එක් අයෙකු සන්තකයේ සහ අනෙකුත් පුද්ගලයා සතුව කුෂ් ග්‍රෑම් 01ක් සොයා ගෙන තිබුණා.

මෙරටදී පළමු වරට හඳුනාගෙන ඇති 4MMC මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ ඩුබායි සිට මෙහෙයවන බවට සැක කරන බවයි පොලිසිය අධිකරණයේදී සඳහන් කළේ.

ඒ සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් දෙදෙනා සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ මොවුන් සඳහා රැඳවුම් නියෝග ලබා දීමට අවශ්‍ය නොවන අතර මේ වන විට පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

පොලිසිය අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ අන්තරාදායක ඖෂධ නියාමන පනත යටතේ මෙම නඩුව පවරා ඇති බවත් විදෙස් රටක සිට මෙම ජාවාරම සිදු කරනු ලබන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සැකකරුවන් දෙදෙනා වෙත රැදවුම් නියෝග ලබා දෙන ලෙසටයි.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය ලබන 10 වනදා දක්වා සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14