spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හඳුනා නොගත් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

මෙරටදී පළමුවරට හමුවූ හඳුනානොගත් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ,ලබන 10 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙසට මොරටුව පොලිසිය කළ ඉල්ලීම සලකා බලමිනුයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා අද මෙම නියෝගය ලබාදුන්නේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැටලීම සිදු කර තිබූ අතර එහිදී හඳුනා නොගත් 4MMC මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක් සහ කුශ් ග්‍රෑම් 14 සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මොරටුව පොලිසියට භාරදී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අඟුලාන සමන්පුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ දෙහිවල බෙල්ලන්තර පදිංචි 30 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගැනීමේදී කුෂ් ග්‍රෑම් 13ක් එක් අයෙකු සන්තකයේ සහ අනෙකුත් පුද්ගලයා සතුව කුෂ් ග්‍රෑම් 01ක් සොයා ගෙන තිබුණා.

මෙරටදී පළමු වරට හඳුනාගෙන ඇති 4MMC මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ ඩුබායි සිට මෙහෙයවන බවට සැක කරන බවයි පොලිසිය අධිකරණයේදී සඳහන් කළේ.

ඒ සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් දෙදෙනා සඳහා රැඳවුම් නියෝග ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ මොවුන් සඳහා රැඳවුම් නියෝග ලබා දීමට අවශ්‍ය නොවන අතර මේ වන විට පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

පොලිසිය අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ අන්තරාදායක ඖෂධ නියාමන පනත යටතේ මෙම නඩුව පවරා ඇති බවත් විදෙස් රටක සිට මෙම ජාවාරම සිදු කරනු ලබන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සැකකරුවන් දෙදෙනා වෙත රැදවුම් නියෝග ලබා දෙන ලෙසටයි.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය ලබන 10 වනදා දක්වා සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?