සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන් වූ තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
පෙරේදා (02) පස්වරුවේ සිට ක්රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වල දී, තරුණියගේ මළ සිරුර අද (04) පෙරවරුවේ සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තරුණිය ඔයට වැටුණු ස්ථානයෙන් මීටර් 500ක් පමණ දුරකින් තිබී ඇයගේ සිරුර මෙලෙස සොයාගැනීමට හැකිව තිබෙනවා.
අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම තරුණිය පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන් වුණේ පසුගිය දෙවන දා පස්වරුවේයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ කෙසෙල් වත්ත, ගුණසිංහපුර ප්රදේශයේ පදිංචි ෆාතිමා ෆස්ලා නැමති 21 හැවිරිදි තරුණියක්.



