සහෝදරයා කටේ දැමූ කාසිය සිර වී මාස දෙකේ සහෝදරිය ජීවිතක්ෂයට

මාස දෙකක් වයසැති බිළිඳියකගේ උගුරේ කාසියක් සිර වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පසුගිය දෙවනදා දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසේ සෙල්ලම් කරමින් සිටි දී බිළිඳියගේ, අවුරුදු දෙකක් වයසැති සහෝදරයා විසින් ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් මෙලෙස උගුරේ සිරව තිබෙනවා.

කාසිය උගුරේ සිර වූ බිළිඳියක දොම්පේ රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
0
+1
4
+1
87
+1
15
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !