දීර්ඝ නිවාඩුවකින් පසු හෙට සිට බැංකු වැඩ

දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සහ කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරෙනවා

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා (29) සිට අද (03)දක්වා වසා තැබිණ.

බැංකු වසා තැබීමට සමගාමීව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබුවා.හෙට සිට සාමාන්‍ය පරිදි රට පුරා සියලු බැංකු ශාඛා විවෘත වන අතර ගනුදෙනුකරුවන්ට ඒවායේ සේවය ලබා ගත හැකිය.