පස්යාල ජාතික අනුරූ මධ්යස්ථානය තුළ තිබී සොරාගන්නා ලද ඉතා වටිනා පිත්තල වලින් නිෂ්පාදිත කාලතුවක්කු වෙඩි උණ්ඩ ආවරණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිත්තල කාලතුවක්කු වෙඩි ආවරණ (kopu) යුද හමුදාව හරහා රජය මගින් ලබාදී ඇත්තේ
ආගමික ස්ථානවල චෛත්ය සඳහා කොත් නිර්මාණය කිරීම සඳහාය.
සඳහිරු සෑය කොත නිර්මාණය කර ඇත්තේ ද මෙම මධ්යස්ථානය වන අතර ඉන් ඉතිරි වූ මෙම වෙඩි උණ්ඩ ආවරණ දැනට මාස කිහිපයකට පෙර සොරාගැනීම සිදු කර තිබෙනවා.
මේ පිත්තල ආවරණයක් රුපියල් පහළොස් දාහක් පමණ වටිනා අතර ආවරණ එකොළහක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා..
මේවා කොළඹ හා තිහාරිය ප්රදේශවල අලෙවි කර තිබියදී.
සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
