වවුනියාව ජල සම්පාදනයේ ගින්නක් ඇති වෙයි

වවුනියාව – පුන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් නිල නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත. මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට ද හානි සිදුව නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා