පුතාගේ අසනීපෙට නෙළුම් මල් කඩන්න ගිය පියා මඩේ එරී මරුට

නවගත්තේගම – කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩීමට ගිය එක් දරු පියෙක් දියේ ගිලීමෙන් පසු මඩේ එරී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) සවස මෙලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම, කොන්කඩවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

තම එකම දරුවා නිතර අපස්මාරය රෝගයට ගොඳුරුවීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ සැකසීමට නෙළුම් මල් කැඩීමට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා පාපැදියකින් පැමිණ වැව ආසන්නයෙ නිවසක පාපැදිය දමා ගොස් ඇති බවත්, සවස් වනතුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් ගම්වාසින් විසින් සොයා බලා තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් මඩේ එරී තිබිය දී මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
1
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !